පක්ෂ තීන්දුවලට පිටින් ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් අමාරුවේ !

පක්ෂ තීන්දුවලට පිටින් ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් අමාරුවේ !

පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.

බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බවද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුම් හකීම්  පැවසුවේ එසේ විමධ්‍යගත මුදල් ලබාගත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම්ද සඳහන් වූ බවයි.

පක්ෂ නායකත්වය නොදැනුවත්ව මෙවැනි දේවල් සිදු වී ඇති බවත් මේ තත්ත්වය යටතේ ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල  පැවසුවේ විමධ්‍යගත මුදල් හෝ මත්පැන් බලපත්‍ර හෝ තීරු බදු රහිත වාහන බලපත්‍ර හෝ ලබා ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය පක්ෂයක් හැටියට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.

පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවෙන් එවැනි වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවෙන් විමධ්‍යකට අර මුදල් ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

  • Lankadeepa

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න