රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ළමා වාටිටු සංකිර්ණයේ ඉදිකිරිමි කටයුතු පිළිබද නිරික්ෂණය කිරිම සදහා ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඊයේ ( 20) නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප්‍රථීකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකමි අවමවිම හේතුවෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමි ඩිෂාන් ගුණසේකරගේ අදහසකට අනුව මෙම නව සිවිමහල් ගොඩනැගිල්ල ඉදිකිරිමට කටයුතු සිදුකරනු ලැබු අතර ඒ සදහා 2023 සැප්තැමිබර් මස 21 වන දින මුල්ගල තැබිම සිදුකරන ලදි.
පළමුව ඉදිකිරිමට අදහස් කර තිබු තෙමහල් වාට්ටු සංකිර්ණය ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබිම හේතුවෙන් සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකිරිමට කටයුතු සිදු කරනු ලැබු අතර ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරිම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාටිටු සංකිර්ණය පිළිසකර කර අලූත්වැඩියා කිරිමද මේ වනවිට සිදුකරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
