ජනාධිපතිට සහාය දිය යුතුයි : රට ගොඩගත් නායකයා ඔහුයි - පවිත්‍රා

ජනාධිපතිට සහාය දිය යුතුයි : රට ගොඩගත් නායකයා ඔහුයි - පවිත්‍රා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මත කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත්ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එදා දේශපාලණික වශයෙන් මතවාදීව ගැටලු පැවති බවත්, එහෙත් වර්තමානයේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්, විදේශ සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයෙකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරිය පවසයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ  ඇඹිලිපිටිය නගරයේ, මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගි වෙමිනි.

රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් අවධාරණය කරන අමාත්‍යවරිය ඒ සඳහා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද සඳහන් කරයි.

” වසර 70 තිස්සේ රටට මොනව ද කළේ කියා සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය  , ගමට විදුලිය, වතුර ටික , ගමේ පාරවල් හැදුණු හැටි පමණක් ම නොව රටේ දරුණු යුද්ධයක් තිබුණා  කියලත් දැන් බොහෝ දෙනෙකුට අමතක යැයි ද පැවැසුවාය.

ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශ ගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත්, ඒ අතර තුර කෝවිඩ් 19 වෛරස වසන්ගතය හේතුවෙන් රටට සංචාරකයින් ද නොපැමිණීම හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් අමාත්‍ය වරිය කියා සිටියාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න