ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු වෙයි

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු වෙයි

සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමග ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර,

"පසුගිය කාලසීමාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. අද වෙනෙකොට යම් ප්‍රකෘතිමත්වීමක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. සිමෙන්ති, යකඩ, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් යම් මට්මකින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්විට සතුටුවෙන්න පුළුවන් බැංකු පොලිය අඩුවෙලා තියෙනවා. අපි අදහස් කරනවා අපේ සේවාදායකයින්ට බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හැදිලා තියෙනවා කියලා."

adaderana.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න