ජනපති අගයන්න එපා - රාජිතට සජබෙන් අවවාද : ගම්පහ  අජිතුත් රාජිතගේ පාරේ !

ජනපති අගයන්න එපා - රාජිතට සජබෙන් අවවාද : ගම්පහ  අජිතුත් රාජිතගේ පාරේ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව අදහස් පළ නොකරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අවවාද කිරීමට  එම පක්‍ෂය  නායකයන් විසින්  තීරණය කර ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වත්මන් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට ලෝක නායකයන් ප්‍රශංසා කරන බවට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  විසින් සිදුකළ ප්‍රකාශයක් මේ තීරණයට  හේතුවී තිබේ.

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය  රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ට ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසන්නේ ගෝඨාභය වට්ටපු රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද තිබෙන තත්ත්වයට ගෙනවිත් තිබීම සම්බන්ධයෙන්  අගය කිරීමට කුහක නොවිය යුතු බවය.

අජිත් මානප්පෙරුම මන්ත්‍රිවරයා ඒ බව පවසා සිටියේ  පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ කටයුත්තක් සඳහා  අද (13) හැටන්  හැටන් දුම්රිය ස්ථානයට අයත් ඉඩමක නාගරික සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 400 ප්‍රතිපාදන වැය කර ඉදි කරන ලද තුන් මහල් ගොඩනගැල්ලක නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේය .

මේ රටේ ගොඩාක් ගැටළු ඇති වෙලා තියෙන්නේ දේශපාලනිකරණය නිසා. මේ වන විට වැරදි යෝජනා නිසා රට වැටිලා තියෙන්නේ. ආණ්ඩුවේ ඇතැම් තිරණය නිසා රට වැටුණත් ජනතාව විපක්ෂයේ ඉන්න අපිටත් බනිනවා.

ඒ නිසා ජනාධිපතිවරයා ආංශික අධික්ෂණ කමිටු 17 ක් පාර්ලිමේන්තුවේ හැදුවා. ඒකෙන් අටක් විපක්ෂයට භාර දුන්නා. එතකොට විපක්ෂයත් වැඩ සඳහා  ක්‍රියාකාරි වෙනවා .

රට වැටුණා නෙවෙයි රට වැට්ටුවා. ගෝඨාභය රාජපක්ෂ වගේ කිසිදු පලපුරුද්දක් නොමැති නායකයෙක් බලයට පත්වුණොත් රට කඩා වැටෙනවා.

අපි ජනාධිපතිතුමාගේ පක්ෂයේ හිටපු අය. ඒ නිසා අපි අතර  කිසිදු අමනාපයක් නෑ .  ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ  තරමක් දුරට හොඳයි කියලා අපි දකිනවා. 100% හොදයි කියන්නේ නෑ . මොකද පීඩිත  පන්තිය ගැන ජනාධිපතිවරයා කතා කරන්නේ නෑ .

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙන්නට වඩා ජනාධිපතිවරයගේ වැඩපිලිවෙල හොඳයි.   ගෝඨාභය කාපු රට මෙතෙන්ට හරි ගෙනාපු  එක ගැන  අපි කුහක වෙන්න හොද නෑ .

රසායනික පොහොර නතර කරනකොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය බුද්ධි මාරබේ පවා කිව්වා එක් නොකල යුතුයි කියලා. ඒක අහපු නැති නිසා ඔහු ඉවත් වුණා , අයි.එම්.එෆ් එකට මුලින්ම යන්න අවශ්‍යයි කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා.

අයි.එම්.එෆ් කියන්නේ සල්ලි නෙවෙයි යෝජනා , ඒ යෝජනා රටට ගෝචරයි. ඒවා ක්‍රියාත්මක නොවිම නිසා තමයි රට මේ තත්ත්වයට වැටුණේ.

වැටිලා තියෙන රටට නායකත්වයක් දෙන්න සජිත් ප්‍රේමදාස මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් , දෙන්නටම අත්දැකිම් තියෙනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න