IMF තෙවැනි වාරිකය ලබාගත් -රට බංකොලොත් භාවයෙන් මුදාගත් ජනපතිට : UNP NS රවීගෙන් පැසසුම් !

IMF තෙවැනි වාරිකය ලබාගත් -රට බංකොලොත් භාවයෙන් මුදාගත් ජනපතිට : UNP NS රවීගෙන් පැසසුම් !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික  ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ තත්ත්වයනේ පැහැදිලි වන්නේ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ දීප්තිමත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව යැයි ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම්වරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මෙසේ අනුමත වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්තිය සඳහා අතිශය වැදගත් සහ තීරණාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුභ පැතුම් එක් කර සිටින බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න