තාඹුග‍ලගෙන් රහස්‍යය ප්‍රකාශයක්

තාඹුග‍ලගෙන් රහස්‍යය ප්‍රකාශයක්

රුපියල් කෝටි 07කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඒ, එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සි‍ට නැත.

ඒ අනුව තමන්ට මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී නියම කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න