Image

ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්: එජාපය වෙතින් ප්‍රකාශයක්

ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්: එජාපය වෙතින් ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමේ තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝණය වන බවද, බුද්ධාගම මෙන්ම ආගමික නිදහසද බරපතල අභියෝගයට ලක්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසුවේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අනාවරණය කරමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ඉවත් කළ හැක්කේ අදාළ නිකායට පමණක් වන අතර, අධිකරණ තීන්දුව අනුව උන්වහන්සේ නැවත බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී, සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මහනායක හිමිවරුන්ගේ අදහස් ලබාගත යුතුව තිබූ බවයි.

එමෙන්ම යහපාලන ආණ්ඩු සමයේදී මහනායක හිමිවරුන් කළ ඉල්ලීම පරිදි එවකට ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට නිදහස ලබාදුන් බවද, මීට පෙර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබාදුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද? යන්න ඔහු ප්‍රශ්න කර සිටියි.

එසේම මෙම තත්ත්වය සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස සැලකිය නොහැකි බවත්, පාර්ලිමේන්තුව හරහා වෙනත් ආකාරයකින් විසඳීමට ආණ්ඩුවට ඉඩකඩ තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

යටත් විජිත පාලන සමයේ පවා විදේශිකයන් සිදු නොකළ මෙම ක්‍රියාව සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවම බලවත් කම්පනයට සහ කණගාටුවට පත් කර ඇති බව සඳහන් කළ වජිර අබේවර්ධන , හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දිවයිනට පැමිණි පසු  නීතිමය පසුබිම ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න