පොදු ස්ථානවල ලිංගික හිරිහැර සිදු කරන්නන්ට නීති තද වෙයි

පොදු ස්ථානවල ලිංගික හිරිහැර සිදු කරන්නන්ට නීති තද වෙයි

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න