සජිත් රනිල්ගේ වැඩපිළිවෙළ නිවැරැදි බව තහවුරු කරයි !

සජිත් රනිල්ගේ වැඩපිළිවෙළ නිවැරැදි බව තහවුරු කරයි !

තම රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (09) කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා  කෙලින් කතාකරන අයකු ලෙස තමන් බලයට පත්වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියා ඇතැමුන් පවසනවා. ඔවුන් රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් තුළ දරුවන් හතළිස් ලක්ෂය ගැන සිතා එසේ පවසන්නේ නෑ. ඔවුන්ගේ ඡන්ද මල්ල ගැන සිතා අප සිංහල පමණයි කියා පවසනවා. තවත් ප්‍රදේශවලට දමිළ පමණයි යනුවෙන් පවසනවා. දමිළ පමණයි කියා පවසන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා නොවෙයි තමන්ගෙ ඡන්ද වැඩිකරගන්නයි. මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජබ නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ නිවැරැදි බව මේ හරහා තහවුරු කර ඇති බවයි. එසේම ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ඔහු එවැනිම ප්‍රවේශයක් ගනුඇති බවද විචාරක අදහස වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න