අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 25කින් අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.
එසේ ම, කෙටි ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 10කින් අඩු කර ඇති අතර ප්ලේන්ටි එකක් රුපියල් 5කින් අඩු කළ බව ඔහු සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, එළවළු, බිත්තර සහ ගෑස් මිල අඩු වීම නිසා පාරිභෝගික ජනතාවට එම සහනය ලබා දුන් බව ය.
කිරි තේ එකක මිල අඩු ගණන් සංශෝධනය නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.
කිරි පිටි මිල ගණන් රජයට තව අඩු කිරීමට හැකි අතර කිරි පිටි සූරාකෑම නිසා කිරි තේ එකක මිල අඩු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
