සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health)ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ උප සභාපති ධුරයට පත් කර තිබේ.
පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම මහත්මිය සහභාගී වුවාය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව ගෙන ඇති වැඩ පිළිවෙළ පිළිබඳව එම සමුළුවේ දී අමාත්‍යවරයා දේශනයක් ද ඉදිරිපත් කළේය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.
ආචාර්ය හේමාලි කොතලාවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.
එමෙන්ම විද්‍යාපති උපාධිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් ද, ආචාර්ය උපාධිය ජපානයේ ඔබිහිරෝ විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
