අයහපත් කාලගුණයෙන් විපතටපත් ජනතාවට කඩිනම් සහන !

අයහපත් කාලගුණයෙන් විපතටපත් ජනතාවට කඩිනම් සහන !

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පුද්ගල මරණ 08ක් වාර්තා වී තිබෙන අතර අධික සුළං හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකුද, බෝට්ටුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ද මියගොස් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔවුන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදලක් ලබාදීමට නියමිත අතර එහි අත්තිකාරම් වශයෙන් මේ වන විටත් රුපියල් විසිපන්දහස බැගින් ලබා දීමට කටයුතු කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පවුල් 11,326ක පුද්ගලයන් 42,640ක් පීඩාවට පත්ව සිටී.

ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් දුන්නේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න