සජිත් එන්නේ නෑ - මම එන්නම් : දිලිත් අනුරට අභියෝග කරයි !

සජිත් එන්නේ නෑ - මම එන්නම් : දිලිත් අනුරට අභියෝග කරයි !

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ වෙනුවට තමන් සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ලයිට්හවුස් දේශන ශාලාවේ ඊයේ (22) පැවති ජනරජ දින සැමරුම සදහා එක්වෙමින්ය.

එහිදී දිලිත් ජයවීර මෙසේද පැවසීය.

"එම විවාදයේදී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්."

 "දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.

ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට, දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න. මම එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇදුම් පැළදුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත්, පුද්ගලික ජීවිතය ගැනවත් මම අහන්නේ නැහැ."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න