කරාපිටිය රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

කරාපිටිය රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

කරාපිටිය ශික්ෂණ රෝහල ගාල්ල ජාතික රෝහල ලෙස ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවා සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.

ඒ අනුව මෙරට තෙවැනි ජාතික රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බවට පත් වේ.

අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවන වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.

තවද පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න