රාජ්‍ය ඇමති ෂෙහාන්ට මරණ තර්ජන !

රාජ්‍ය ඇමති ෂෙහාන්ට මරණ තර්ජන !

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඝාතන තර්ජනයක් පිළිබඳව කොටුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

වාර්තා වන ආකාරයට අමාත්‍යවරයාව ඝාතනය කරන බවට පවසමින් නිර්නාමික දුරකථන ඇමතුමක් ඔහුගේ කාර්යාලයට ලැබී ඇති අතර විමර්ශන ඇරඹී ඇත්තේ ඒ අනුවය.

අදාළ ඇමතුම ලබාදුන් තැනැත්තා විසින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බව මෙන්ම තමන් සතුව ආයුධයක් ඇති බවත් තර්ජනය නොසලකා කටයුතු කළහොත් ටයර් දමා පුළුස්සන බවටත් තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාල දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දුරකථන ජාල විශ්ලේෂණ වාර්තාවක් හරහා පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

සිදුවීම පිළිබඳ ප්‍රතිචාර දක්වන රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙය පැරණි ඝාතන සංස්කෘතියක නව හිස එසවීමක් විය හැකි බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න