වෙන්ඩ ජනපති සජිත්ගෙන් මාධ්‍ය වාරණයක් !

වෙන්ඩ ජනපති සජිත්ගෙන් මාධ්‍ය වාරණයක් !
තමන්ගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට මින් ඉදිරියට ඩේලි මිරර් පුවත්පතට ඉඩනොදෙන බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස x නිවේදනයක් නිකුත්කර ඇත.
 
මෙහිදී ඔහු සඳහන් කරන්නේ තමන් විසින් මත්පැන් බලපත්‍ර තහනම් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඩේලි මිරර් පුවත්පත  හිතාමතාම සාවද්‍ය ලෙස පල කර ඇති බවයි.
 
අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබී ඇත්තේ සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවය.

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක් ඊට සහන ලබා දෙන බවද ඔහු සඳහන් කර ඇති බවය.

එසේම රටේ දරුවන් බේරා ගැනීම සඳහා එය සිදු කරන බවත්  මෙම ප්‍රකාශයෙන් තමන්ට ඡන්ද නැති වන නමුත් දරුවන් වෙනුවෙන් සිදුකරන බවත් අදාළ ජනහමුවේදී පවසා ඇති බවද අදාළ පුවත් වාර්තාවේ තිබී ඇත.

දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද ඔහු තවදුරටත් බව වාර්තාව තව දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් විපක්ෂ නායකගේ මේ තීරණය සම්බන්ධව ප්‍රතිචාර දක්වන මාධ්‍ය ක්‍රියාකාරීන් පවසා සිටින්නේ මාධ්‍යක පළවූ වාර්තාවක් සම්බන්ධව දැක්විය යුතු අවසාන අදියරේ පියවරක් විපක්ෂ නායක මෙහිදී පළමු අවස්ථාවේම ගෙන ඇති බවය. නමුත් මාධ්‍ය සම්බන්ධව අවබෝධයක් සහ මාධ්‍ය නිදහස ගැන ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් සහිත නම් විපක්ෂ නායකවරයා සිදුකළ යුතුව ඇත්තේ පළමුව නිවැරදි කිරීමක් පළකරන ලෙස අදාළ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටීම බවයි. එබැවින් විපක්ෂ නායක ගෙන ඇති තීරණය මාධ්‍ය වාරණයකට සමාන වන බවත්, විපක්ෂ නායක ලෙස සිටියදී මේ ආකාරයට කටයුතු කරනවා නම් ආණ්ඩුවක් පිහිටවූ කාලයක මාධ්‍ය නිදහස ගැන අබමල් මාත්‍රයක විශ්වාසයක් තැබිය නොහැකි බවද එම මාධ්‍ය ක්‍රියාකාරීන් ගේ වැඩිදුර අදහස විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න