මිනිස් ජාවාරමට සම්බන්ධ 5ක් රිමාන්ඩ් !

මිනිස් ජාවාරමට සම්බන්ධ 5ක් රිමාන්ඩ් !

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

ඒ අදාළ සිදුවීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගනුලැබූ විශ්‍රාමික හමුදා මේජර්වරයින් දෙදෙනෙකු සහ එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින 03 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේය.

සැකකරුවන් මීගමුව අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී වින්දිතයින්ගේ ඥතීන් විසින් මීගමුව අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතවූ බවද වාර්තා වෙයි.

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්  (15)  දින අත්අඩංගුවට ගෙන තිබුණි.

සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රුසියානු - යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ශ්‍රී ලාංකිකයින්ට සිදුවී ඇත.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික බව පැවසෙයි.

ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය ඊයේ දින වටලා තිබුණි.

එහිදී එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද දින මෙලෙස මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වනවිට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න