කාර්යක්ෂමතාව වැඩිකිරීමට කර්මාන්තකරුවන්ට විශේෂඥ පුහුණුවක්

කාර්යක්ෂමතාව වැඩිකිරීමට කර්මාන්තකරුවන්ට විශේෂඥ පුහුණුවක්

දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ හා අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහගේ උපදෙස් පරිදි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සමඟ එක්ව කර්මාන්ත අමාත්‍යාංශය මෙම දෙදින විශේෂඥ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ අනුව රබර්, ප්ලාස්ටික්, රූපලාවන්‍ය, රථ වාහන, සැකසූ ආහාර, ඇසුරුම් වැනි කර්මාන්ත ක්ෂේත්‍ර 10 ක් නියෝජනය වන පරිදි බස්නාහිර පළාතේ තෝරාගත් කර්මාන්තකරුවන් 30 ක් සදහා මෙම විශේෂඥ පුහුණු වැඩසටහන පැවැත්වුණි. කර්මාන්ත වල නිෂ්පාදන ක්‍රියාවලියේදී බල ශක්තිය, ජලය , අමුද්‍රව්‍ය වැනි සම්පත් භාවිතාව කාර්යක්ෂම කරමින් අපතේයාම් අවම කර ගැනීමට කර්මාන්තකරුවන් යොමු කරවීම මෙම වැඩසටහනේ මූලික අරමුණවේ. මෙම වැඩසටහන පසු ගිය වර්ෂයේද කර්මාන්ත 20 ක් සඳහා පැවැත්වූ අතර ඉන් ඉතාම සාර්ථක ප්‍රතිඵල කර්මාන්ත ක්ෂේත්‍රයට එක්ව තිබේ.

එක් අවුරුදු වැඩසටහනක් වන මෙම වැඩසටහන සදහා කර්මාන්ත අමාත්‍යාංශය මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙන අතර තාක්ෂණික සහය ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය ලබාදෙයි. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ජේෂ්ඨ උපදේශක චමල් මානගේ මහතුන් විසින් මෙම විශේෂඥ පුහුණු වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙයි.

මෙම වැඩසටහන සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම් , අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන නිලධාරීන් හා කර්මාන්තකරුවන් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න