මෙවර සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ට වැදගත් නිවේදනයක්

මෙවර සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ට වැදගත් නිවේදනයක්

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.

මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බව අමාත්‍යංශය දැනුම් දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න