විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන විසින් අද (16) ප්‍රතික්ෂේප කළේය.

දුමින්ද දිසානායක විසින් පැවරූ නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක විසින් සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීරට එරෙහිව පැවරූ නඩුවේ කරුණු සළකා බැලීමෙන් පසුව වාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස සහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත ත් පත් කර ගැනීමට පසුගිය 12 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමද මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.

පැමිණිලිකාර දුමින්ද දිසානායක ගේ හා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල සිල්වා ගේ කටයුතුවලට බාධා කිරිම වළක්වමින් වාරණ නියෝගයක්ද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.

(lankadeepa.lk - රෝෂන් තුෂාර)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න