'අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා' - ජනපති

'අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා' - ජනපති

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා, එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ, තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමිනි.

දුෂණය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය නිමා කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බව ද ජනාධිපතිවරයා පැවසිය.

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.theldeni 1

theldeni 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න