රණවිරුවන්ට ඉඩම් ලබාදීම කඩිනම් කිරීමට විශේෂ කමිටුවක් !

රණවිරුවන්ට ඉඩම් ලබාදීම කඩිනම් කිරීමට විශේෂ කමිටුවක් !

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (14) පත්කරනු ලැබීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සභාපතිත්වයෙන් සමන්විත එම කමිටුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් ලෙස සෙසු සාමාජිකයන් නම් කර ඇත .

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා ආබාධිත , විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට මෙසේ රජයේ ඉඩම් ලබාදීමට නියමිතයි .

රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇත.

ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම අදාල කමිටුවේ වගකීමයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න