ක්‍රිකට් සහ රග්බි ජාතික කණ්ඩායම් ජනපති හමුවෙති !

ක්‍රිකට් සහ රග්බි ජාතික කණ්ඩායම් ජනපති හමුවෙති !

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (14) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිය සුබපැතුම් ද පිරිනැමීය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාව තුළ අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බව පැවසු ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ද සිය සුබපැතුම් පිරිනැමීය.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.{gallery}T20 World Cup{/gallery}

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න