‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි

‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (10) එක්විය.

‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, එය මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300කින් සමන්විතය.

මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිවලින් ද සමන්විත මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ.

දෙස් විදෙස් වෙළෙඳ කුටි සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, ප්‍රදර්ශනයේ සංවිධායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ජයන්ත පෙරේරා, මහ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.{gallery}Housing{/gallery}

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න