ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සම්මේලනය ජුනි මස 02 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එය පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සමඟ හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු පාර්ශ්වයට ශ්‍රීලනිප බලය මුළුමනින්ම ගිලිහෙනු ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සහාය මත ක්‍රියාත්මක අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පාර්ශ්වය ශ්‍රීලනිප බලය තහවුරු කරගනු ඇති බවය.
එසේම මේ වන විට ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකයන් දිස්ත්‍රික් මට්ටමින් කොළඹ කැඳවා පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
