මුදලට තරග පාවාදීම : ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවන් දෙදෙනෙකුට අධි චෝදනා !

 මුදලට තරග පාවාදීම : ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවන් දෙදෙනෙකුට අධි චෝදනා !

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට, එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළ බව කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා, අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක නීතිපතිවරයා වෙනුවෙන් මෙසේ අදහස් දැක්වූ අතර මුදලට තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණය මඟින් පනවා ඇති රටින් පිටවීමේ තහනම ඉවත් කරවා ගැනීමට සැකකාර ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් ගොනු කළ විශේෂ මෝෂමට විරෝධය ද පළකර සිටියේ ය.

මෙම නඩු දෙක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර සැකකාර කළමනාකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ තහනම් නියෝග ඉවත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක ක්අළ්ධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වරුසවිතාන ක්‍රීඩකයාට බලපෑම් කළ ඉන්දියාවේ කෑන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට පසුගිය 16 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව ගොනුකර ඇති බවද සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න