ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හෙට (08)රැස්වෙයි : සිරිසේන , දයාසිරි සහ ශාන් නෑ !

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හෙට (08)රැස්වෙයි : සිරිසේන , දයාසිරි සහ ශාන් නෑ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට (08) දින කැඳවා ඇති අතර ඒ මේ වන විට පක්ෂයේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ය.

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිප අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි මුලසුන දැරීමට නියමිත ය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් හෙට (08) පෙරවරු 10ට පදනම් ආයතනයේ කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලබන ලිපි ගොනුවේ සඳහන් සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා අය හැරුණුකොට අනෙකුත් සාමාජිකයින් ඊට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ශාන් විජයලාල් මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයට එක්ව ඇත.

මේ වන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටුයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රෙල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමිනි.

අනතුරුව පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථනගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම පොලීසිය ඊයේ තහනම් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න