Image

ආණ්ඩුව ගොවි සංවිධාන නායකයින්ට විපක්ෂයේ කණ්ඩායම් යැයි ඇඟිල්ල දිගු කරනවා - මහින්ද අමරවීර

ආණ්ඩුව ගොවි සංවිධාන නායකයින්ට විපක්ෂයේ කණ්ඩායම් යැයි ඇඟිල්ල දිගු කරනවා - මහින්ද අමරවීර

මේ වන විට ගොවි ජනතාව වැඩි ප්‍රමාණයක් ගොවිබිම්වලින් ඉවත් වී පාරට බැස විරෝධතා පවත්වන තත්ත්වයට පත්වී ඇති බවත්, ආණ්ඩුව මේ ගොවි සංවිධාන නායකයින්ට විපක්ෂයේ කණ්ඩායම් යැයි ඇඟිල්ල දිගු කරන බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (22) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

2024 පැවති ආණ්ඩුව වර්තමාන ආණ්ඩුවට බාර දෙන විට කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළේ තමන් බවත්, එබැවින් ගොවියන්ගේ මුහුණු තමා හොඳින් ම හඳුනන බවත්, ඒ අයගෙන් 80%ක් පමණ තමා කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරද්දී තමාට විරුද්ධව යම් යම් දේවල් ප්‍රකාශ කළා සේ ම ඒ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින්, ඒ 75%ක් 80%ක් විතර ගොවි ජනතාවත් ගොවි සංවිධානවල බොහෝ දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කටයුතු කර, මාලිමාව වෙනුවෙන් පෙනී සිටියේ යැයි මහින්ද අමරවීර වැඩි දුරටත් පැවසී ය.

මෙම රැස්වීම අමතා: පා.ම දයාසිරි ජයසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ හිටපු පා.ම. අසංක නවරත්න ද අදහස් දැක්වූහ.

මතු පල වන්නේ ඔවුන් දැක්වූ අදහස් අන්තර්ගත වියමන යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න