මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.

සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54කි.

එම කෘති අතරින් ‘සමාජ මුහුණුවර’ 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ’ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඊට අමතරව 1995 වර්ෂයේදී පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට සැලකේ.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා ද ඔහු ඉහළ දායකත්වයක් සපයා ඇත.

ඔහුගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (මාර්තු 23) කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ඉරිදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න