අරගලය සමයේ දියත් වූ කුමන්ත්‍රණයක් ගැන කතානායක හෙළිකරයි !

අරගලය සමයේ දියත් වූ කුමන්ත්‍රණයක් ගැන කතානායක හෙළිකරයි !

ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් වෙතින් තමාට බලපෑම් එල්ලවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට ඔවුන් කුමන්ත්‍රණය කළ බවත් තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ වී ගිය බවත් කතානායකවරයා සඳහන් කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (21) පැවති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා කතා නායක ධූරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බවද එහිදී ඔහු පැවසීය

රටක ගිනි තැබීම් මිනීමැරීම් හාරාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රට නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැති බව ද කතානායකවරයා පැවසුවේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.