පොහොට්ටු වැඩවලට රිංගන්න එන්න එපා : ප්‍රසන්න උදයංගට හොඳවායින්ම අමතලා !

පොහොට්ටු වැඩවලට රිංගන්න එන්න එපා : ප්‍රසන්න උදයංගට  හොඳවායින්ම අමතලා !

ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පසුගිය බදාදා තිබුනා. ඒ රැස්වීම කැඳවා තිබුණේ පොහොට්ටු ජාතික ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මේ රැස්වීමට ඇවිත් තිබුනා.

බොහෝ දේශපාලන පක්ෂ මේවනවිටත් සිය අපේක්ෂකයා නම්කර අවසන්. නමුත් පොහොට්ටුව තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා නම්කර නෑ .

ඒ නිසාම බැසිල් කැඳවූ මේ සාකච්ඡාවට ජනමාධ්‍යයේද ලොකු අවධානයක් යොමුවෙලා තිබුනා.

"සමහරුන්ට මුල මතක නෑ. අපිට එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. මේ ජනාධිපතිතුමා තමයි තත්ත්වය වෙනස් වෙයි කළේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ." බැසිල් කතාව පටන් අරන් තියන්නේ එහෙම.

"අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු ගන්නකොට සළකා බලන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපේක්ෂකයා තෝරාගන්නේ" බැසිල් අවදාරණය කරලා.

මේ සාකච්ඡාවට සහභාගී වෙලා හිටිය ඇමති ප්‍රසන්න රණතුංග එළියට එද්දී රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මුහුණට මුහුණ හමුවෙලා.

උදයංගයි - ඇමති ප්‍රසන්නයි අතරේ වැඩි ඇයි හොඳැයියක් නෑ . ඒ අවුල පටන් අරන් තිබුනේ ප්‍රසන්න සංචාරක ඇමතිකම දරන කලේ ඉඳලා. . ඒක ලොකු ඉතිහාස කතාවක්.

උදයංග , බොහෝ වෙලාවට ඇමති ප්‍රසන්නව ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කරන කෙනෙක්.. හැබැයි ප්‍රසන්න ඒවාට උත්තර දීල තිබුනෙම නැති තරන් ..

ඒත් උදයංග දැක්කම ප්‍රසන්නට මල පැනලා.

"මෙයා තමයි... මහින්ද මහත්තයාට කෙලවන්නේ. මයික් දැක්කම වාචාලකමට කියවනවා " කියමින් ඇමති ප්‍රසන්න රණතුංග උදයංගගේ කරටම ගොඩවෙලා.

වටපිටාවේ සිටි අනෙකුත් මැති ඇමතිවරුන් මේ මොකක්ද වෙන්න යන්නේ කියල සිතාගන්න බැරුව තුස්නිම්බුත වෙලා.. මොකද ඒ වෙනකොටත් මහින්ද - බැසිල් දෙන්නත් කාර්යාලේ ඇතුලේ ඉඳලා තියනවා.

"අපි පොහොට්ටුව හදනකොට මුං ලංකාවේත් නෑ. මිග් යානා ගණුදෙනු නිසා එළියට එන්න බයේ හැංගිල හිටියෙ. අපි පොහොට්ටුව හදපු නිසා තමයි මුං එළියට ආවේ. එහෙම එවුන් අපිට දේශපාලන කරන හැටි උගන්වන්න එනවා." ප්‍රසන්න එහෙම කියාගෙන උදයංග ගෙන් දිගටම ගේම ඉල්ලලා.

"සමාවෙන්න ඇමතිතුමා"

උදයංග අසරණ ලීලාවෙන් කියලා.

" සමාව ඉල්ලන්න ඕන මගෙන් නෙමෙයි. අර ඇතුලේ ඉන්න මහින්ද මහත්තයගෙන්. ඔය වාචාල කට නිසා පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ ඒ රත්තරං මනුස්සයට. ඕන තැනක දේශපාලනය කර ගන්න . හැබැයි පොහොට්ටුවට ඇඟිලි ගහන්න එන්න එපා. ඒවා අපි බලාගන්නම් " ඇමති ප්‍රසන්න දිගට හරහට කියාගෙන ගිහින්.

"එන්න සර්... අපි යමු. මේ පිස්සො එක්ක හැප්පෙන්නෙ නැතුව"කියමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර , ප්‍රසන්නගේ අතින් ඇදලා ..

"මම ඉවසන් හිටියේ මුලිච්චි වෙනකම්. මතක තියා ගන්නවා ඔය වගේ කම්බහොරුන්ට මෙහෙ චාන්ස් නෑ." කියමින් ඇමති ප්‍රසන්න වාහනේට ගොඩවෙලා. මදෑ ඔයින් ගියා,

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න