මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පත්‍රයක් අද (මාර්තු 15) ගොනු කර ඇත.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට තමාන්ව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත් තමන් විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම් ද එම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ත් ඔහු සිය ඇප ඉල්ලීමෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ නියෝග අවලංගු කරමින්, ඕනෑ ම ඇප කොන්දේසියක් මත තමන්ව මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ඇප අයැදුම්පත්‍රය මගින් මහාධිකරණයෙන් ඉල්ලා ඇත.
නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලා ඇති එම ඇප ඇයැදුම්පත්‍රය සලකා බැලීම සඳහා ලබන මාර්තු 18 වන සඳුදා මෙම නඩුව මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
