පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි .
විෂය භාර වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි .
ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ වත්මන් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක්ම එම ධූර වල කටයුතු කර ඇති බැවින් එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
