හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (05) දිවයිනට පැමිණ තිබෙයි.
ඔහු අමෙරිකාවේ සිට යළි මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂව මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මැතිවරණයකින් පාර්ලිමේන්තුවට පැමිණිමේ බලාපොරොත්තුවක් නැති බව ඇමෙරිකාවේ සිට පෙරළා ලංකාට පැමිණි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
මාර්තු 05 වැනිදා උදෑසන ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මාධ්‍යවේදින් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ බව කියා සිටියේය.
ජනාධිපතිවරණය, මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදින් ඔහුගෙන් විමසනු ලැබිය.
“නිල වශයෙන් ජනාධිපති මැතිවරණය තියන්න ඕනා. ඊට පෙර ඕනනම් පාර්ලිමේන්තු විසුරුවොත් මම පාර්ලිමේන්තු එන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීන්දු කලොත් ඒක කරන්න පුලුවන්.” යැයි බැසිල් රාජපක්ෂ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
