2015 දී දුන්න සහායට ජවිපෙට ස්තූතියි : සිරිසේන කියයි !

 2015 දී දුන්න සහායට  ජවිපෙට ස්තූතියි :  සිරිසේන කියයි !

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ එම යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගත්තද බොහෝ කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය ලබා දුන් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල හමුවක් අමතමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණය ලැබිය හැකි වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර අවසන් බවත් තවත් දින කිහිපයකින් රටේ වැදගත් දේශපාලන පක්ෂ හා එක්ව නව දේශපාලන සන්ධානයක් බිහි කරන බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න