මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිට ඩිජිටල් ක්‍රමවේදයට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිට ඩිජිටල් ක්‍රමවේදයට

හෙට (මාර්තු 4) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවා ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ අනුව, හෙට සිට දිවයිනේ පිහිටි ඕනෑ ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවා ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කළේ ය.

පසුගිය (පෙබ. 29) දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ස්වයංක්‍රීය දුරකතන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දී ඇති බව ය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වන දා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලු ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලු ම සේවාලාභීන් අනිවාර්යයෙන් ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කර ගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්ය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකතන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරා ම ඔබතුමාලට සෑම කෙනෙකුට ම ඔබතුමාලාගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා, www.dmtappointments.dmt.gov.lk කියලා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න