ළඟදී ටැලිෆෝන් පාටියට එකතු වෙච්ච කළින් හිටපු ලොකු තැනගෙ න්‍යායාචාර්ය මට්ටමේ හිටපු වියත් මගක් අනුව ක්‍රියාකරපු දෙන්නෙක් ඉන්නවලු...
ඒත් ඒ දෙන්න ටැලිෆෝන් පාටියට එක්කර ගත්තට පස්සේ ක්‍රියාකරන පිළිවෙළ ගැන ඒ පාටියෙම ජ්‍යෙෂ්ඨ කස්ටියගෙ අසතුට ලොකු ලොක්කන්ට දන්වල කියල ආරංචියි...
ඊටත් වඩා මේ දෙන්න ගැන දැඩි විරෝධයක් දක්වල තිබෙන්නෙ ටැලිෆෝන් පාටියට සම්බන්ධ වෙලා ඉන්න සුළු ජාතික පක්ෂ දෙකක නායකයොලු...
මේ ගොල්ලත් එක්ක අපි කොහොමද රෙදි ඇඳගෙන එක වේදිකාවක ඉන්නෙ කියලලු එයාල ටැලිෆෝන් පාටියෙ ලොක්කන්ගෙන් අහල තියෙන්නෙ.
කොරෝනා කාලෙ එයාල ආණ්ඩුවෙ ඉන්ඳෙද්දි වඳ කොත්තු, වඳ බෙහෙත් විතරක් නෙවෙයි තමන්ගෙ උදවියගෙ අවසාන කටයුතු කරගන්නවත් ඉඩ නොදුන්න කියලලු එයාල මේ දෙන්නට දැඩි විරෝධය පළ කරන්නෙ... හැබැයි මේ විරෝධය ඒ වියත්තු දෙන්නට මිසක් පොහොට්ටුවෙන් ටැලිෆෝන් පාටියට සැට්වෙච්ච අනිත් අයට නැතිලු...
දේශය ගොසිප්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
