ප්‍රසන්න සජිත්ගේ රෙදි ගලවයි : හොර සල්ලි කතාත් එළියට !

ප්‍රසන්න සජිත්ගේ රෙදි ගලවයි : හොර සල්ලි කතාත් එළියට !

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ලකුණු දා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ කතා පවත්වන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා වෝදනා කරන්නේ විපක්ෂනායකවරයාට පමණක් කතා කරන්නට දීමෙන් ඔහු පවසන දේවල් පමණක් ජනගත වෙන බවයි. එය ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (11) රැස්විය.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කළ කතාවකට පිලිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.

එහිදී මෙවන් සංවාදයක් ඇති විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – ගරු කතානායකතුමනි, මේ රටේ කුඩා දරුවාගේ සිට සියලුම දෙනාගේ ජන ජීවිතය කඩාවැටෙනකොට කොහොමද හිටපු ජනාධිපතිවරයා වරායේ නැව් දෙකක් අරගෙන මුහුද මැදට ගිහිල්ල පාටි දමන්නේ.ඒකට උත්තරයක් දෙන්න.මම මේව කතාකරනකොට මගේ කට වහන්න හදනවා. ඒක කරන්න බැහැ.

ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) –

ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමා අවසර ගත්තේ අතුරු ප්‍රශ්නයක් අහන්නයි. විපක්ෂනායකතුමා කතාකරන එකේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් එතුමා වටපිටාව සම්බන්ධකරගනිමින් කතා කරනකොට වෙලාව පිළිබඳ ගැටළුවක් මතුවෙනවා. මෙතුමා විපක්ෂනායක හැටියට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. කතා පවත්වනවට වඩා හොඳයි අදාළ කාරණාව ගැන විෂයභාර ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන එක. මහජන මුදල් නාස්තිවෙලා තියේනම් ඒකට විධිමත්ව කටයුතු කරන්න. මෙතුමා ලකුණු දා ගන්න කතා පවත්වනවා.නිකම් තුනේ පන්තියේ වැඩ කරන්න එපා විපක්ෂනායකතුමා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස –

ගරු කතානායකතුමනි, මම කතාකරන්නේ මම ගැනවත්, පවුලේ සාමාජිකයන් ගැනවත්, මට සම්බන්ධ ව්‍යාපාර ගැනවත් නෙවෙයි. ඒ නිසා මට කරුණාකරල අවස්ථාව දෙන්න. මගේ කටවහන්න එපා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන – මට ඔබතුමාගේ කට වහන්න අවශ්‍ය නැහැ. කාලය වැදගත්.

(සභාවේ කෑ කෝ ගැසීම්)

ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මටත් කතා කරන්න අවසර දෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන – නෑ.. ඔබතුමත් වාඩි වෙන්න.

ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – විපක්ෂනායකතුමාට අවසර දෙනකොට එතුමා කතාකරන දේවල් විතරයි ජනගත වෙන්නේ. ඒක වැරදියි. අපිටත් ගැටළු තියෙනවා. විපක්ෂනායකතුමා හිටපු ජනාධිපතිතුමා ගැනයි හිටපු අනිත් අය ගැනයි කතාකරනවා. හොර සල්ලි එක්ක අහුවුණාම ඔබතුමාගේ සහෝදරිය බේර ගත්තේ හිටපු ජනාධිපතිතුමයි. ඒකත් රටේ ආර්ථිකයට බලපෑවා. ඒ වගේම ඔබතුමාගේ තාත්ත තමයි කොටින්ට ආයුධ දුන්නේ. අපිටත් ඒව ගැන කතා කරන්න පුළුවන්.

ප්‍රදීප් අනුර කුමාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න