ගම්පහ රෝහලෙත් කොරෝනා මරණයක්

ගම්පහ රෝහලෙත් කොරෝනා මරණයක්

ගම්පහ රෝහලෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

එක ම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට වමනය යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලට දෙසැම්බර් 25 වන දා ඇතුළත් කර ඇති අතර එම දෙදෙනා අතරින් එක් කාන්තාවක් ඊට පැය දෙකකට පමණ පසුව මිය ගොස් ඇත.

එහිදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මිය ගොස් ඇත්තේ, යක්කල, කොස්කඳවල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විවාහක කාන්තාවකි.

පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කෙරුණු එම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ ද ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඇයට ද කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බව ය.

එම කාන්තාව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය කාන්තාවගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දීමෙන් අනතුරුව නිවසට රැගෙන නොගොස් කසගහවත්ත ආදාහනාගාරයේදී ඊයේ (දෙසැ. 27) ආදාහනය කෙරුණු බව පොලිසිය පවසයි.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න