Image

උපාලි ගජනායක ගේ 'T 559' වෙළඳපොළට නිකුත් වුණා

උපාලි ගජනායක ගේ 'T 559' වෙළඳපොළට නිකුත් වුණා

"එක්තරා කාලයක දෙවිවරු පස සහ ගින්න මුසුකරමින් සතුන් නිර්මාණය කොට එම සෑම සතකු ම නිසි ගුණාංගවලින් සන්නද්ධ කරන ලෙස සිය සහෝදර ප්‍රොමිතියස් සහ එපිමෙතියස්ගෙන් ඉල්ලා සිටියෝය.

සම, කුර, නිය සහ පියාපත් ආදියෙන් සතුන් සන්නද්ධ කළ එපිමෙතියස් ඔවුන්ට කඩිනම්වීම සහ සැඟවීම ද අත්කර දුන්නේය. එහෙත් ඔහු මිනිසුන් අතරට යන විට ඔහුට මිනිසුන්ට දීමට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. මේ අතර, මිනිසුන් නිරුවතින් සහ නිරායුධව සිටින බව සොයාගත් ප්‍රොමිතියස් තමා විසින් ඇතීනා දෙවඟනගෙන් සොරකම් කර ගන්නා ලද ගින්දර සහ යාන්ත්‍රික ශිල්පය මිනිසාට ලබා දුන්නේය. එහෙත් ඔහු මිනිසාට දේශපාලන ඥානය දුන්නේ නැත. ආරක්ෂාව සඳහා ඔවුන් එක්වීමට උත්සාහ කළ හැම අස්ථාවකම ඔවුන් එකිනෙකාට කොතරම් දරුණු ආකාරයට සලකන ලද්දේද යත්, ඔවුහු නැවත නැවතත් විසිර ගියහ."images

ගැටුම් බහුල ඕනෑම සමාජයක් කලා නිර්මාණ කාර්යයේ නිරතවෙන්නනන්ට ඔවුන්ගේ අභිනව නිර්මාණ සඳහා අහුලා ගත හැකි, විවිධාකාර හැඩතල මැවිය හැකි, අනේකවිධ අමුද්‍රව්‍යවලින් පොහොසත් වෙයි. එහෙත් එවැනි ගැටුම් පිරුණ ශ්‍රී ලාංකික සමාජයේ රසික ප්‍රජාවට තවමත් අත්විඳුමට ලැබෙන්නේ සීමාසහිත වස්තු විෂයයන් තේමා කරගත් නිර්මාණ කුලකයකි. නිදසුනක් වශයෙන් සමස්ත දේශයම බියපත් කරන ලද තිස් අවුරුදු බියකරු යුද්ධයක වෙඩි පහරින් පමණක් නොව,රටේ නායකයින් ඝාතනය කරනු ලැබීම් සහ රජය පෙරළා දැමීමේ සන්නද්ධ කැරලි දෙකක අත්දැකීම් ලැබ ඇතත් එම අත්දැකීම් පසුබිම් කරගත් දේශපාලන සාහිත්‍යයක් ශ්‍රී ලාංකික සමාජය සතුව නැත.

එවැනි පසුබිමක උපාලි ගජනායක විසින් නොබෝදා පළකරන ලද 'T 559' නව ප්‍රබන්ධය (Fiction) මගින් ස්පර්ෂ කරනු ලබන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ අපූරු අඳුරු හැඩතලයකි. රටක් සසල කරන ලද බණ්ඩාරනායක අගමැති ඝාතනයේ පසුබිමෙහි පටන් දිගහැරෙන කතන්දරයක් වන 'T 559' මගින් ස්පර්ෂ කරනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ විසිවෙනි සියවසේ අවසාන භාගයෙහි දශක හතරක පමණ කාල පරාශයක දේශපාලනයේ සැරිසරන මතුපිටින් නොපෙනෙන සෙවනැලි සමූහයයි.

T 559 'සුරස'ප්‍රකාශනයකි.

බෙදාහැරීම ; සුරස පොත් මැදුර, 617 - මරදාන පාර කොළඹ 10

උවිදු කුරුකුලසූරිය

 

 

 

 

 

සටහන - Uvindu Kurukulasuriya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න