ඊළඟ අයවැය ගේන්නේ හර්ෂ : හොඳටම බයවූ සජිත්ගෙන් මානසික අල්ලසක් !

ඊළඟ අයවැය ගේන්නේ හර්ෂ  : හොඳටම බයවූ සජිත්ගෙන් මානසික අල්ලසක් !

ඊළඟ අයවැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් ගේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තුවේදී අද (13) පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අයත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා සිටියේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කර සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුද ? කියාය.

එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ කියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දීමට ඇති සූදානම අධෛර්‍යමත් කිරීමේ උත්සාහයක විපක්ෂ නායක සජිත් නිරතව සිටින බව නිරීක්ෂණය වන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවැනිම ප්‍රයත්නයක් දැරූ බවද ඔහු සිහිපත් කළේය . සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් ගිය බවත් එම රාවය සත්‍යක් නොවන බව සිය මන්ත්‍රීවරුන් ට ප්‍රත්‍යක්ෂ කිරීමට විපක්ෂ නායකයා තමන් කිසිම විදිහකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන දීගයකට නොයන බව පැවසූ බවත් දේශපාලන විචාරකයා පෙන්වා දුන්නේ ය.

එම උපක්‍රමයම මේ අවස්ථාවේ ද දියත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ මුදල් ඇමති හර්ෂ ලෙස පැවසීම මානසික අල්ලසකට වඩා වැඩි දෙයක් නොවන බව සඳහන් කළ දේශපාලන විචාරකයා මේ වන විට විපක්ෂ නායක සජිත් ගේ ආර්ථික උපදේශක වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආර්ථික උපදෙස් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා බවත් ඒ ගැන දේශපාලන ක්ෂේත්‍රයම දන්නා බැවින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නොදැන සිටිය නොහැකි බවත් සඳහන් කළේය .

කෙසේ වුවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මුදල් ඇමති වීමේ ආශාවක් ඇති බව ඔහුගේ හැසිරීම විසින් පෙන්නුම් කරන නිසාත් ඒ සමග යළිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යාමට නියමිත සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ලැයිස්තුවේ හර්ෂ මන්ත්‍රීවරයා ගේ නමද ඉහළින් තිබීමත් යන තක්සේරුව සැලකිල්ලට ගෙන විපක්ෂ නායක සජිත් අවස්ථාවාදී මානසික අල්ලසක් නිකුත්කළ බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න