ගුවන් සේවා ක්ෂේත්‍රය ගැන පාසැල් සිසුන්ට පුහුණුවක්

ගුවන් සේවා ක්ෂේත්‍රය ගැන පාසැල් සිසුන්ට පුහුණුවක්

සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන් හා එම ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු පිළිබඳ පාසල් සිසුන් දැනුවක් කරමින් අනාගතයේ එම ක්ෂේත්‍රවලට යොමුකිරීම සඳහා වූ මූලික අඩිතාලමක් දැමීම උදෙසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.

මේ අනුව 2024 වර්ෂයේ ගුවන්තොටුපොල ආශ්‍රිතව පවත්වන ඉහත වැඩමුළු හරහා ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසු දරු දැරියන් 1 500 ට වැඩි පිරිසක් පුහුණු කිරීමට මේ තුලින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙතෙක් පාසල් ගුවන්සේවා සමාජ හරහා මේ සඳහා පාසල් ළමුන් තෝරාගත් අතර ඉහත වැඩපිළිවෙල හරහා ජාතික රූපවාහිනියෙන් විකාශය වන පූර්ව ප්‍රචාරක පටයේ සඳහන් වන කෙටි පණිවුඩ යොමු කිරීම හරහා ස්වංක්‍රීය කුසපත් ඇදීමෙන් මෙම පිරිස තෝරා ගැනේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා සිවිල් ගුවන්සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන ඉහත වැඩමුළු මාලාව සඳහා ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරිං සමාගම හා ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල ඇතුළු පාර්ශවකාර ආයතන දායකත්වය සපයයි.

වරාය. නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශය, ප්‍රවාහන, මාහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ

මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති අචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා අතර සිදුවිය. එම අවස්ථාවටවරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්, කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෙල්, ශ්‍රීලංකන් කේටරිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න