අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන්, අදාළ දැරියගේ අයිතිවාසිකම් සහ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ලවී නැතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර ඇත.
මේ දින වල ආන්දෝලනයට ලක්ව ඇති අනුරාධපුර බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින බවත් ඉදිරියට ද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී ළමයා ගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනිමට සුදානම් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටටියි.
මතු පළ වන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිකුත් කරන ලද නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
