පව්කාර භූමියක
මිලින වු
දුර්භීක්ෂයේ ගිනි දමින්
උපන් දියණියේ....
නොනිමි කුස ගින්දරේ
පොරබදා
දුකම පමණක් උරුම වූ
ජීවිතයක.....
ජීවත්වන්නියේ....
පහුරු ගා දිවි කුසුම
නැහැ ගනී ඒ වතමඩල
ගෝරතර අත් අතර
දියණියකි ඈ කිරි සුවඳ
පාපතර මනුකැලට
භීතියෙන් ගුලිගැහුන
අතැර දමා ගිය බිමක
තනිව දුක්විඳින දියණියේ
සාපලත් කුසක
ඉපදුන නිසාදෝ....
ඇයි නුඹ තනි වුණේ
කටු පදුරු ගුහාවක...

නිරංජලා මන්ජරි
මෙම ගීතය සංගීත මධුර්ය සහ ගායනය අතින් ගත් කල ඉතා විශිෂ්ට සෞන්දර්යවාදී නිර්මාණයක් ලෙස නිර්වචනය කල හැක. එහි කිසිදු සැකයක් නැත. නිරංජලා මන්ජරි කදිරවේලු රාමස්ස්වාමි නම් වූ විශිෂ්ට ගායිකාවගේ ගායනය සහ චින්තක ජයකොඩි නම් වූ සංගීත නිර්මාපකයාගේ හැකියාවන්ගේ පෙළහර පෑම ඉතා අපුර්ව අන්දමට දෙසවනේ මෙන්ම හදවතේ ද සනිටුහන් වීම නොවැලක්විය හැකි කාරණයකි. ගායනය විසින් මුදා හරින හැගීම් ද ඉතා තදබල ලෙසින් ප්‍රේක්ෂකාගාරයේ සිත් සතන් විනිවිද යාමට සමත්වේ. එයට නොදවෙනි සංගීතයේ යෙදවුම් ද ඉතා සාර්ථකය. මෙම නිර්මාණය තුලින් එම කාල අවකාශය තුල සිදුවෙන්නාවූ සංසිද්ධීයට අදාලව යටි පෙළක් නිර්මාණය කොට එය ඉතා සියුම් ලෙසින්, එම හැගීම් ජනිත කරවයි.
නිරංජලා මන්ජරි ප්‍රකාශ කරන අයුරින්, ගීතයේ මුල් සංගීත ඛන්ඩයෙදීම මේ “දැනීම” නැතහොත් “ස්පාර්ක් වීම” සිදුවුයේ නම්, එය සාර්ථක නිර්මාණයකි. ඒ “ස්පාර්ක් වීම” මට දැනුනි. නමුත් නිර්මාණයේ සෞන්දයාත්මක සාර්ථකත්වය සහ සමාජ ප්‍රගමනය යන කරනා ප්‍රතිලෝමව සමානුපාතික වීම අතිශය සෝචනීය තත්වයක් ලෙසින් තේරුම් ගත යුතුය.
සත්‍ය වශයෙන්ම මෙම ගීතයේ පදරචනයේ, වූ සත්‍ය අරුතේ හතර කොණ, සිංහල ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කර නොගන්නේ, එම ගීතය දමිල බසින් වීම බැව් වටහාගත් යුතු කාරණයකි. මෙම කියවීම අකුරු කරවීමට බලපෑ මුලික කරණය වුයේ, මෙම ගීතයේ වූ පද රචනය, ගීතයේ රස්විදනය පරයා නැගෙන පද වියමනේ වූ ජුගුප්සාජනක යටි බිම්ගත දේශපාලනයයි.
මෙහි වූ අරුත සිංහල බසින් තේරුම් ගත් කල, මෙම ගීතයේ වදන් සැකසුම සහ එම සියලු වදන් එක්ව ලබාදෙන අර්ථය මගින් ගැටගසන ලද දේශපාලනය තේරුම් ගත හැක. එය නිසැකයෙන්ම ආයාසයෙන්ම යොදන ලද වදන් බැව් මා විස්වාස කරන්නේ, එම පදබැඳීම හුදෙක් තනි සංසිද්ධියක් ලෙසින් නොගෙන, මේ සමස්ත කාර්යයේ ඇති දේශපාලනය විග්‍රහ කරගැනීමෙන් පසුවය. එනම් අප රට, ශාපලත් දේශයක් ලෙසින් අර්ථ දැක්වීම මෙහි වූ මුඛය කාරණය වීම නිසාමය.
“පව්කාර භූමියක්” ලෙසින් මෙම ගිතෙය් රචිකාව හඳුන්වනු ලබන්නේ අප මාතෘභූමිය බව තේරුම් ගැනීමට ඇති සාධක බොහෝය. එය සියුම් නිරීක්ෂණයකින් තොරවම තේරුම් ගත හැක. එනම් ඇය විසින් අප රට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය “පව්කාර භූමියක්” ලෙසින් අර්ථ දක්වා ඇත. ආගමික අර්ථයෙන් ගත් කල, "පාපතර දේශයක්" යන්නෙන් අදහස් කරන්නේ, සාමූහිකව භෞතික පරිසරය "දූෂණය" කරන නැතහොත් උල්ලංඝනය වන බවට විශ්වාස කරන පරිසරයක් ඇති ස්ථානයක්ය.
මෙම සිනමාපටයේදී මෙම ගීතයට පාදක වන්නාවූ සිද්ධිය ඉතාම කලාතුරකින් සිදුවෙන්නාවූ හුදෙකලා සිද්ධියකි. එය සමාජය තුල ඇතිවිය හැකි, සාමුහික වශයෙන් එකතුවී කරන්නාවු ක්‍රියාවක් නොව එක් හුදෙකලා චරිතයක් විසින් ඇතිකරන ලද යමි සදාචාර විරෝධී යෙදවීමකි. එවැනි සිද්දියක් සහ එවැනි සිද්දි පාදක කරගනිමි අප මාතෘභූමිය “පව්කාර භූමියක්” ලෙසින් අර්ථකථනය කිරීම කොතරම් සෝචනීය තත්වයක් ද යන්න නැවත නැවතත් පැහැදිලි කිරීම විහිලු සහගතය. නමුත් මේ හඳුන්වාදීම පසුපස තිබෙන්නාවූ ජුගුප්සාජනක දේශපාලනය සහ මෙයින් ජනිත වන්නාවූ හැගීම් මතින් මේ සමාජය නැවත නැවත යොමුකිරීමේ දිශානතිය අතිශය භයන්කාරය. එනම් මෙම දර්ශන තුල සහ ගීතයේ පද අරුතින් ඉතා අසාධාරණ ලෙසින් සංඛේත නිර්මාණය කර ඇති බැව් විද්‍යාමානය.
මෙම සිනමාපටය තුලින් ප්‍රේක්ෂකාගාරය තුලට කාවද්දා, හොවා දක්වන “කළු ජුලිය” නැමති අතිශය ශෝචනීය සහ සමාජ විරෝධී සිද්දිය සහ සිංහල බෞද්ධ අනන්‍යතාවයක් හෙබි මුදලාලි කෙනෙක් විසින් අහිංසක දමිල දැරියක් ලිංගිකව දුෂණය කිරීමට යාම යන සිද්ධි ද්විත්වය, අන්‍යෝන්‍ය සහසම්බන්ධයක් මතින් ප්‍රේක්ෂක මනස තුල තැන්පත් කරන අයුරු, හුදෙක් චිත්‍රපට නිර්මාණක් ලෙසින් මේ විග්‍රහ කරගත් විට අතිශය ප්‍රශංශනීයය. එම සම්බන්ධය තැනීම, මෙම චමින්ද ජයසුරිය නම්වූ අංකුර අධ්‍යක්ෂවරයා ඉතාම දක්ෂ අයුරින් නිර්මාණය කර ඇත. එය ඉතා විශිෂ්ට අධ්‍යක්ෂණයක සලකුණකි.
නමුත් ස්මජානුරුපි සහ දේශපාලනාරූපී සන්ධර්භය තුල, මෙවැනි හුදෙකලා සිද්දි එනම් ලාබාල දැරියන් ලිංගිකව දුෂණය කිරීම ජාතිය, ආගම, කුලය යනාදී ප්‍රපන්චන්යෙන්ගෙන් ස්වායත්තව සිදුවන්නකි. එය සිංහල බෞද්ධ මහා සම්ප්‍රධායක් ඇති වූ වටපිටාවක් තුල ද ඉංගීසි ක්‍රිස්තියානි හෝ කතෝලික වටපිටාවක් තුලද එසේ නොමැති නම් අරාබි මුසල්මානු වටපිටාවක් තුලදීද වුවද සිදුවන හුදෙක් සමාජ විරෝධී ක්‍රියාවකි. මා මෙය කියවා ගන්නා අයුරින්, අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකාගාරයට තහවුරු කරන කාරණය නම්, කළු ජුලිය, එයට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති මෙවැනි හුදෙකලා සිද්ධි මගින් මේ රට, අපේ මාතෘභූමිය “පව්කාර භූමියක්” ලෙසින් අර්ථකථනය කර, LTTE ත්‍රස්තවාදය සාධාරණීකරණය සහ සාමන්‍යකරනය කිරීමට ගන්නා නිර්ලජ්ජිත උත්සහයයි. තවද මෙම ගීතයේ පද රචනය පැළ කිරීමට, ඉතා සරුසාර භූමියක් අධ්‍යක්ෂකවරයා විසින් සකස් කර දීම ද, මෙම ගීතයේ පද සැකැස්ම මතින් නැගෙන මේ අසාධාරණ හැගීම් ජනිත කිරීමේ සාර්ථකත්වට තුඩුදුන් මුඛ්‍ය සාධකයකි. එනම් අධ්‍යක්ෂකවරයාගේ සිනමා භාවිතයේ විශිෂ්ටත්වය මතින් නැගෙන්නාවූ LTTE ත්‍රස්තවාදයේ සාධාරණීකරණය සහ සාමන්‍යකරනය යන සාධකයට මෙම ගීතයේ ඇති පද වියමන ඉතා ප්‍රභල අයුරින් උත්ප්‍රේරකයක් සපයා ඇත. මෙහි ඇති ඉතා ශෝකජනක කාරණය නම් ගායිකාව සහ සංගීත නිර්මාපකයා දැනුවත්ව හෝ නොදැනුවත්ව, නැතහොත් තම ජීවන වෘත්තීය ලෙසින් හෝ මෙය කියවා ගනිමින් මෙම පව්කාරකමේ ගිලටීනයේ රැහැන තම අත්ලෙන් මුදාහැරීමයි.
පද රචිකාවගේ සංඛේතාත්මක පද භාවිතාව නිවැරදි අයුරින් කියවා ගැනීම මෙම සමස්ත යටිබිම්ගත සෝචනීය දේශපාලනය කියවා ගැනීමට ඇති රුකුලක් බව සඳහන් කල යුතුය. එනම් සිංහල බෞද්ධ මුදලාලියෙක් ද්‍රවිඩ ගැහැණු දරුවෙකු ලිංගිකව අපයෝජනය කිරීමේ සිද්දිය සහ කළු ජුලිය එකට බැඳ තබා එය ප්‍රේක්ෂකාගාරයේ සිත් සතන් ඇතුලේ එක්ව කියවා ගැනීමට මංපෙත් විවර කිරීමට සැලැස්වීමයි.
පාපතර මනුකැල - සංකේතාත්මකව සිංහල ජනතාව නිරුපනය කර ඇතිබව් කියවා ගත හැක.
දුර්භීක්ෂයේ ගිනි දමින් - JVP නොවන නමුත් අනෙකුත් පක්ෂ දේශපාලනය විසින් රට දුර්භික්ෂ තත්වයට ගෙන ආ බව
සාපලත් කුසක ඉපදුන නිසාදෝ - ද්‍රවිඩ ජාතික කාන්තාවකගේ කුසේ ඉපදීම යන්නෙන් අදහස් කරන්නේ සිංහල බෞද්ධ මහා සම්ප්‍රධයේ ඇති සභ්‍යත්වය විහිදී ඇති වටපිටාවක, ද්‍රවිඩ මවකගේ ඝර්භාශයේ පිළිසිඳ ගැනීම.
කටු පදුරු ගුහාවක...- ද්‍රවිඩ සමාජය සහ LTTE බිහිවීමේ සමාජ, සංස්කෘතික හේතුව වැරදි ලෙසින් අර්ථකථනය කිරීම.
තවද මෙම සිනමාපටයේ යම් යම් රූපරාමු මිශ්‍රණයේ සහ මෙම ගීතයෙන් නිරූපිත සහ ජනිත කරවන හැගීම් මතින් ප්‍රේක්ෂකාගාරයේ චිත්ත සන්තානයේ පැලකරන LTTE ත්‍රස්තවාදයේ සාධාරණීකරණය සහ සාමන්‍යකරනය යන කරණය, මෙහි අධ්‍යක්ෂකවරයා විසින් අයාසයෙන්ම නිර්මාණය කර ඇත්තේ, මෙම සිනමාපටයට කැනඩාව වැනි ද්‍රවිඩ ජාතිකයින් වැඩි වශයෙන් වෙසෙන විදේශ රටවල තිරගත කිරීම මගින් එයට ඉතා උසස් තත්වයේ වාණිජ වටිනාකමක් ලබා දීමට ඇති හැකියාව ලබා ගැනීමට බව ද අනුමාන කිරීමට හැකි කාරණයකි. 
සිවලිංගම් අනු
මෙම රචිකාවිය නමින් ශිවලිංගම් අනු ය. මාගේ අනුමානය නිවැරදි නම් ඇය ද්‍රවිඩ ජාතිකත්වයක් දරන තැනැත්තියක් විය යුතුය. මීට පෙර අපේ මාතෘභූමියට මෙවැනි අර්ථකතනයක් දී ඇත්තේ LTTE ත්‍රස්‌තවාදයට හිතකාමී සහ එවැනි ත්‍රස්තව්වාදීන් ගේ මරණයෙන් කෝපාවිෂ්ට වූ අය සහ දැනට දෙමළ ඩයස්පොරවේ, නැවත අපේ රට ලේ විලක් බවට පත්කිරීමට පිඹුරු පත් සකස් කරන්නාවු මස් වැද්දන් පමණකි. එවන් වූ කොවවිෂ්ට මිනිසුන් දරනා මතයක් මේ රචිකාව විසින් නැවත කරලියට ගෙන බෞතීස්ම කිරීමට ගත් නිර්ලජ්ජිත උත්සහයක් ලෙසින් මෙය විග්‍රහ කරගත හැක.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
