සිංහල සාහිත්‍ය පෝෂණය කළ ප්‍රවීණ ලේඛකයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර විසින් රචිත, 1960 වසරේ නිකුත් වූ ''ජීවන සුවඳ'' කෙටිකතා සංග්‍රහයේ 14වන මුද්‍රණය මේ වන විට නුගේගොඩ පිහිටි විසිදුනු ප්‍රකාශනයක් ලෙසින් වෙළඳපොළට නිකුත් වී තිබෙනවා.
මේ රට ජන සමාජය චිත්‍රණය කිරීම අතින් නූතන සාහිත්‍යය යුගවලට බෙදා වෙන් කළ හැකි නම් 'ජීවන සුවඳ' ඉන් එක් යුගයක් ආරම්භ කළ කෘතියකි. වත්මන් 'මැද පන්තියේ" කතන්දරය ඇරැඹුණේ මේ කෙටිකතා එකතුවෙනි. එය, ඒ කල විසූ තරුණ පෙළ විසින් සලකන ලද්දේ සිය හදවතේ කතන්දරය ලෙස ය. ඒ සමඟ ම සිංහල කෙටිකතාව නව මඟකට යොමු කළ කෘතියක් ලෙස 'ජීවන සුවඳ' ඉමහත් සම්භාවනාවට ද පාත්‍ර වීය.
දශක 8කට පසු ව අද සිංහල කෙටිකතාවේ මඟ සලකුණු කළ කෘතියක් ලෙස 'ජීවන සුවඳෙහි' අගය අවිවාදිත ය. ඒ අතර එ දා තරුණ පෙළ සේ ම අද බොහෝ තරුණ-තරුණියෝ ද සිය හදවතෙහි කතන්දරය 'ජීවන සුවඳෙහි' දකිති.
පිටු පිටු: 245කින් සමන්විත මෙම කාතියෙහි මිල රු. 990කි. 
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
