පාරිභෝගික අධිකාරියේ නම විකුණා ජාවාරමක් !

පාරිභෝගික අධිකාරියේ නම විකුණා ජාවාරමක් !

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.

මේ අතර දින 10ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300ක් හඳුනාගෙන ඇති බවද වාර්තා වන අතර එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න