චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී අත්සන් තැබීමට ප්‍රධාන ණයගැතියන්ගේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවත් සඳහන් ය.
පසුගිය වසරේ අගවන විට ශ්‍රී ලංකාවේ බාහිර ණය වලින් 10%ක් පමණ චීනය සතු වූ අතර ඔවුන් වෙනම ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර ඇති බවත් අදාළ පුවත් වාර්තාවෙහි දැක්වෙයි.
ada derana
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
