ව්‍යසන කළමනාකරණ ජාතික සභාව සඳහා අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහි දී ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, ආපදා අවස්ථාවක් ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීම වෙනුවට ආපදා වළක්වා ගැනීමට ප්‍රමුඛතාව දෙන ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ යෝජනා සාකච්ඡාවට බඳුන් විය. එම යෝජනා මත පදනම්ව අදාළ යාන්ත්‍රණය යථාර්ථයක් බවට පත් කර ගැනීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහි දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා කෘෂි කර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශයන්හි පෙර සූදානම පිළිබඳව මෙහි දී විමසා බැලූ අතර, වනජීවි කලාප තුළ ජලය හිඟ වීමෙන් වනසතුන්ට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කළේ ය; ඒ වෙනුවෙන් වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. එසේම, ජලවිදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ සූර්ය බලයෙන් නිපදවෙන බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේ ය.
දිට්වා ව්‍යසනය හමුවේ කිසිදු භේදයකින් තොරව සාමුහිකව ක්‍රියා කරමින් එම අභියෝගයට මුහුණ දුන් ආකාරය සිහිපත් කරමින් එම භාවිතාව තවදුරටත් වර්ධනය කරගනිමින්, අවශ්‍ය නීති සංශෝධනද සිදු කරගනිමින් ඉදිරියේ දී පැමිණෙන ඕනෑම ආපදාවක් හමුවේ රටක් ලෙස එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
