මෙරට සිනමා කර්මාන්තය නඟාසිටුවීම සහ ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීම උදෙසා රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන ආරම්භ කරන්නේ වත්මන් රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ය.
දේශීය සිනමා කර්මාන්තය නව මගකට යොමුකරමින් ප්‍රේක්ෂකයින්ට උසස් සිනමා අත්දැකීමක් සමීප කරවීමේ ද අරමුණ ඇතිව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම සිනමා ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත සියලුම සිනමා ශාලා ඉහල තාක්ෂණයෙන් (High-Tech) සමන්විත වෙයි. ප්‍රේක්ෂකයන්ට උපරිම සුවපහසුව සැලසෙන පරිදි ආසන 50ත් 100ත් අතර ධාරිතාවකින් යුක්තව මෙම සිනමා ශාලා නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. නව සිනමා ශාලා ඉදිකිරීම සහ පවතින සිනමා ශාලා නවීකරණය කිරීම සඳහා ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක් ම මේ වන විටත් චිත්‍රපට සංස්ථාව සමග එකඟතාවලට පැමිණ ඇත. ඒ අනුව, නව සිනමා ශාලා ඉදිකරන ප්‍රදේශ වන්නේ: ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල සහ නිට්ටඹුව ය.
සිනමා ශාලා නවීකරණය කෙරෙන ප්‍රදේශ වන්නේ හැටන්, මොනරාගල, ඇඹිලිපිටිය සහ නුගේගොඩ ප්‍රදේශවල ය. මෙහි දී පවතින සිනමා ශාලා නව තාක්ෂණය යොදාගනිමින් සම්පූර්ණයෙන් ම නවීකරණය කිරීමට නියමිත ය. මීට අමතරව තවත් ප්‍රාදේශීය නගර රැසක නව සිනමා ශාලා ඉදිකිරීම සඳහා ඉදිරියේ දී ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි සුදත් මහදිවුල්වැව පැවසුවේ.

මෙම සාකච්ඡාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි රුවන් ප්‍රේමවීර ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ ප්‍රාදේශීය සිනමා ක්ෂේත්‍රයේ ආයෝජනයට කැමැත්ත පළකළ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ 12 දෙනකු පමණ සහභාගි වී සිටියහ.
රොශෙල් ප්‍රනාන්දු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
